Sunday, October 9, 2016

Dialog,Mobitel,Etisalat,Hutch සහ Airtel මාෆියාවෙන් බේරෙමු.

Data Package දෙවෙනි කොටස ලියන්නත් කලින් ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් ලියන්න ඕනේ  කියල හිතුව.මේකෙන් මන් කියන්න යන දේ ගැන ගොඩක් ය දැනුවත් ඇති කියලා මන් හිතන් නැහැ.ඇත්තටම කිව්වොත් මේක ලංකාවේ mobile network විසින් කරන එක්තරා ආකාරයක කුට ව්‍යාපාරයක් කියන්න පුළුවන්.(ඇත්තටම කිව්වොත් හිගා නොකා හිගා කෑමක්.)මේ ක්‍රියාදාමය විසින් ඔබට නොදැනී ඔබේ මුදල් වලට ගේම දෙන බව ඔබවත් දැන් නැතුව ඇති.(postpaid පාරිබෝගිකයන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.)

                                                  මේකට ඔය mobile network  කාරයෝ නම් කියන්නේ 3rd party sites කියල.එත් ඇත්තම කතාවනම් mobile network මේ සදහා විශේෂ අනුග්‍රහය දැක්වීමයි.මෙය ශ්‍රීලංකාවේ පිළලයක් වෙමින් යන අතර ඉදිරියේදී මිටත් වඩා හොද අත්දැකීමක් වනු නොවනු මානයි.(ශ්‍රීලංකාවේ අන්තර්ජාල පාවිච්චි කරන්නන් හට ලියමි.කරුණාකර මෙය උපේක්ෂාවෙන් යුතුව මා ගැන වයිරයකින් තොරව කියවන්න.)

                  ඔබ සමහර විට දන්නවා ඇති moozok,gamesclub,hungama, videoclub(etisalat),coolclub(etisalat)(කරුණාකර මේවා අන්තර්ජාලයෙන් සොයා අඩවි වලට පිවිසීමෙන් වැළකෙන්න.එඉන් පවා active වීමේ සම්භාවිතාවයක් පවති .) යන හිගන site පිලිබදව.අද මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ මේ හිගන්නන් ගෙන් ඔබේ මුදල් ආරක්ෂා කරගන්න ආකාරය පිලිබදවයි.

ලංකාව පොඩි රටක්නේ,අපි මුලින්ම බලමු මේ site වලට ලෝකයේ නිර්මාණය වී ඇති අප්‍රසාදය.තුන්වන ලෝකයේ රටවල තදින් ව්‍යාප්ත වන මේ මාෆියාව ඔබට විනාඩි දෙක තුනක් ගැන  අන්තර්ජලයේ search කර තොරතුරු ලබාගත හැකියි.(Google search).අපි දැන් බලමු මේවා ඔබේ sim පතට හෝ ඔබේ ගිණුමට active වන්නේ කෙසේද කියල.

1.අන්තර්ජලයේ ඔබ සැරිසරන විට Advertisement එකක් Click වීමෙන්.

මෙය ඕනැම කෙනෙකුට විය හැකි අහබු සිදුවීමක් වන අතර දැන් site වල download button පවා ව්‍යාජව යොදා ad links මගින් replace කිරීම් සිදු කර ඇත.එමනිසා මෙමගින් ඉතා පහසුවෙන් ඔබට මෙම කාලකන්නි සේවාවන් active විය හැකියි.මෙහිදී විශේෂයෙන්ම  නම් දැන් දැන් මෙම සේවාවන් 3rd party නොව mobile network  විසින්ම තම domain නාමයෙන් ක්‍රියාත්මක විමයි.උදාහරණයක් ලෙස

http://videoclub.etisalat.lk
http://coolclub.etisalat.lk (කරුණාකර මේවා අන්තර්ජාලයෙන් සොයා අඩවි වලට පිවිසීමෙන් වැළකෙන්න.එඉන් පවා active වීමේ සම්භාවිතාවයක් පවති .)මෙවැනි මගුල් ගන්න පුළුවන්.මේවා etisalat ඔස්සේ මෙන්ම අනිත් සියලුම network සදහා පොදු වීම විශේෂ දෙයක්. ඔබ etisalat සිම් එකක්  බාවිතයෙන් මෙවැනි link එකක් අඩංගු ad එකක් click වුවහොත් අනිවාර්යෙන් ඔබට මේ රෙද්ද active වන අතර වෛයිමටවත් එය වැලෙක්විය නොහැකියි.ඒ වගේම මෙවැනි ad අදාළ නාමයෙන් නොපැවතීම තවත් මුලාවකි.එනම් ඔබ ad එකක් කියා click කලද එහි link එක මෙවැනි මුලාවක් වීමට බෙහෙවින් ඉඩ කඩ පවතී.(අත්දැකීම් සහිතයි.ඔප්පු කිරීම පහත ඇත.)
                                                                මා මේ පිලිබදව පැහැදිලි කිරීමට විශේෂයෙන් Hutch,Etisalat mobile network බවිත   කරන අතර නමුත් අනිත් කෙහෙල්මල් තුනටද පොදු වූ සත්‍ය කරුණක් බව වගකීමෙන් පැවසීමට බසුබට නොවෙමි.
                                        දැන් මෙය මන් තවත් ඔබට පහදන්නම් .ඔබ අතින් වෙබ් පිටුවක අන්තර්ගත වූ ad එකක් click වුවා  යැයි  සිතන්න,මේ හොරුන් එම ad එකට පහත අකාරයෙන් ලින්කුවත්  combined කර තිබුණහොත් කෙලින්ම සිදු වන්නේ වෙන කිසිවක් නොව ඔබ සේවාවට ඇතුලත් වූ බව හගවන කෙටි පණිවිඩයක් පැමිණ Rs 30,35,50, ආකාරයෙන් දෛනිකව මෙන්ම සති පතා  ඔබේ ගිණුමෙන් මුදල් අය වීමයි. ඔබට අවිශ්වසනම් මෙම ලින්කුව click  කර බලන්න. http://203.115.112.27/etisalatvc/  රුපියල් 35ක් ක්ෂණිකව අය වෙනු ඇත.
                                        මේවට වැහි නැති හෙන ප්‍රර්ථනා කලාට වැඩක් නැත.අපට කලින් හෙනය වැදී අවසන්ය.විශේෂයෙන්ම මෙවැන්නක් postpaid package එකකට active වීම කෙතරම් භයානක දැයි මා කීමට අවශ්‍ය නොවේ.මක්නිසාදයත් ගොඩක් දෙනෙක් මාසේ අගට පැමිණෙන බිල ගෙවා දැමීම මිස වෙන විස්තර හොයන්නේ නැති වීමයි.ඔවුන් ඔබටත් හොර ඔබ පාවිච්චි නොකළ සේවාවන්ට දස දහස් ගණනින් ඔබේ පොකට්ටුවෙන් මුදල් ගසා කාගෙන් අවසන් වීමයි.දැන් බලමු මෙම මගුල්වලට ඔබ දැනටමත් අසු වී ඇත්දැයි කියල check කරගන්න ආකාරය කොහොමද කියල.

සතියේ වැඩ කරන දිනක (සෙනසුරාදා හෝ ඉරිදා හැර ) උදේ 10 සිට හවස 4 විතර කාලය ඇතුලත ඔබේ සැක සහිත අංකයෙන් පාරිබෝගික අංශයට අමතන්න.(උදේ 10 සිට හවස 4 විතර කාලය ඇතුලත කාලයේ ඇතුලත් කිවේ වෙන දෙකට නෙමෙයි හොද සේවයක් ලබාගන්න පුළුවන් වෙන හින්ද.නැත්නම් ඔකේ ඉන්න අපතයෝ ඔක්කොම ඉන්නේ රෑටනේ.බොරු ටිකක් අහගෙනම phone එක cut කරන්න පුළුවන් වෙයි.මොකද ලංකාවේ හැම ආයතනයකම වගේ පට්ට ගොබ්බයෝ තමා customercare එකේ ඉන්නේ.ඔබටත් වෙලාවක හිතිලා නැද්ද ,යකෝ මුන්ට වඩා මන් මේ ගැන දන්නවනේ කියල?නැත්තනම් තම පුදුමේ..එක ඉතින් මී රටේ වැරද්දක් ..ඒවා අපිට හදන්න බැහැ.එක නිසා උදේ වරුවේ ගන්න.)
අදාළ අංක පහතින් ලබාගන්න.
Dialog--1777
Mobitel --1717
එටිසලට්--1727
Hutch --0785785785
Aitel --555

අරගන කතා කරන dial එකෙන් අහන්න මේ සිම් එකට අදාලව වෙන මොන හරි අමතර service එකක් active වෙලා තියනවද කියල..එහෙම වෙලා තියනවනම් මිනිහ කියයි ඔව් හරි නැහැ හරි කියල.ඔව් නම් කියන්න ඔබට අනවශ්‍ය ටික ඉවත් කරගන්න ඕනේ කියල.පුලුවන්නම් ඒවා ඉවත් කරගන්න sms codes ටික ඉල්ලා ගන්න.එක තම හොදම දේ.එහෙම code නැහැ  කිව්වොත් මිනිහට කියන්න එක මිනිහට ඉවත්  කරන්න කියල. එහෙම කෙරුවොත් මතක් කරලා reference  number එකක් ඉල්ලා ගන්න.නැත්නම් එක එක පොරවල් ඕව අයින්  කරන්න නැහැ .නිකන් බොරුවට කියනවා තව ටිකකින් ඉවත් වේවි කියල.ඔය පට්ට බොරු වලට කැමතිනම්  අහු වෙන්න.අනිත් එක උන් ඔයාගේ call එක record කරනවා කියල දන්නවනේ,ඔයත්  ඒ වගේ record කරගන්න.එක කෝකටත් හොදයි.අවුලක් උනොත් පොරි ගැලවෙන්න දුන්නැහැකි..එහෙම කරලා කොහොම හරි ඔය මගුල් active වෙලා තියනවනම් deactivate  කරගන්න.ඔයාට අනිවාර්යෙන් ඒකෙන් අයින් උනා කියල msg එකක් ඒවි අයින් උනහම..

ඔයා දන්නවනම් අදාළ deactivate  code එක අදාළ number  එකට send  කරලත් මේවයින් අයින් වෙන්න පුළුවන්.(hutch  වල internet package ටිකක් ලාබ නිසා අමතර ආදායමක් ගන්න මෙයාල මේක ගොඩක් use කරනවා කියල අමතක කරන්න එපා.මේවා active  නොවුන hutch internet  පාවිච්චි කරන උන් හොයාගන්නත් අමාරුයි.)

දැන් බලමු අපි මේ විකාර වලට අන්තර්ජාලයෙන් අහු වෙන් නැතුව ඉන්නේ කොහොමද කියල..

1.ක්‍රමය 

ඔබ අන්තර්ජාල බාවිතා  කරන  browser ට Adblock Addone එකක් ස්ථාපිත කර ගැනීම.
මෙම ලින්කුවෙන් අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඔබගේ browser  එකට අදාළ adblock  addone  එක ක්‍රියාත්මක කරගත හැකියි.

Click  Here  to  get the Addone 

2.ක්‍රමය 

ඔබගේ Ip  address  එක hide කරගෙන අන්තර්ජාලයට පිවිසීම.මේ සදහා ඔබට හොද Ip hidding  software  එකක් බාවිත කරගත හැකියි.විශේෂයේනම් මෙම අද ගැන ඔබ torrent  file  download  කිරීමේදී සැලකිලිමත් වන්න.මොකද torrent sites  යනු ad ගුහා වීමයි.නමුත් ඉහත addone එක ක්‍රියාත්මක කිරීමෙන් ad මෙන්ම popup  windows ද  නැති වී යයි.රටවල් කීපයක ip ලබාගත හැකි,මුදලක් ගෙවා ලබාගත් යුතු Ip hidding  software එකක් ඉදිරියේදී මෙම අඩවිය මගින් ඔබට නොමිලේ  ලබා දීමට බලාපොරොත්තු වෙමි.

ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් උඩින් පැහැදිලි කරපු මාෆියාවෙන් ගැලවෙන්න.ඔබටත් මෙවැනි සිදු වීම් ඉදිරියේදී වලක්වා ගැනීමට මේ ලිපිය උපකාරි වුවයැයි සිතමි.වැදගත් හෝ නොතේරෙන දෙයක් වෙතොත් අපේ email එකෙන් විමසන්න අමතක කරන්න එපා.
Email--Namaldw@gmail.com
                                       

Wednesday, October 5, 2016

ලොකු ලොකු file බාන්න කියාපු Data Package මෙන්න..(1 කොටස)

Torrent බාන්න කලින් අපිට  ඕනි වෙනවනේ හොද  Data Package එකක් තෝරාගන්න.ඉතින් ඒ ගැන තමා  මේ පොස්ට් එකෙන් මන් කියන්න හිතුවේ.මෙහි network කීපයකම package ගැන කීමට බලාපොරොත්තු වන නිසා පොස්ට් දෙකකින් වගේ දාන්නම්.මොකද නැත්නම් ඔයාලත් කියෝලම එපා වෙයි.මුලින්ම දෙයක් කියන්න ඕනේ.නැත්නම් අන්තිමේ වැරදි කාරය වෙන්නේ මන්.මේ පොස්ට් එක දාන්නා මන් කිසි ආයතනයකින් මුදලක් ගත්තේවත් මේ පොස්ට් එකෙන් කිසිම ආයතනයකට පහරක් ගහන්නවත් මන් කල්පනා කරේ නැහැ.මේ ලිපිය  සම්පුර්ණයෙන්ම ලියන්න තීරණය කලේ,අන්තරජාලය පාවිච්චි කරන ඔයාලගේ pocket  එකට ලාබයක් වෙන්න හිතාගෙන.ඒ වගේම මේ ආයතන සියල්ලෙන්ම මහජනතාව මුහුණ දෙන ගැටළු කාරී තත්වයන් පිලිබදවත් ඉදිරි ලිපි වලදී මන් ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා.මේ වෙලාවේම කියන්න ඕනි දෙයක් තියනවා,ඒ තමා බ්ලොග් එකක් කරන් යන එක මගේ වෘත්තීය නොවන බව.එම නිසා මෙම අඩවියේ පාඨකයාට කිසිදු හිරි හැරයක් වන පරිදි advertisement නොදමන බවත් කියන්න ඕනි.ad දාන්න තරම් මේක තාම ප්‍රසිධත් නැහැනේ කයිය ගැහුවට.හි හී..හරි හරි අපි එහෙනම් ලිපිය පැත්තට එමු.

                                             මන් කියන්න ඕනි නැහැනේ,ලංකාව තුල  සන්නිවේදන ජාල කියක් තියනවද කියලා.ගණන් කරලා  බලන්න.මටත්  හරියට sure නැහැ.ඒ එක එකෙහි download කරන්න වාසි දායක package ගැන තමා මේ පොස්ට් එකෙන් මන් කියන්නේ.නැතුව ඔක්කොම data package ගැන කියන්න බලාපොරොත්තුවක් නැහැ.හරි එහෙනම් ලංකාවේ අංක එක කියන network එකේ package වලින් පටන් ගමුකො .

1.Dialog 

මේකෙ ලොකු file බාන්න හොද package නම් හරි අඩුවෙන් තමා තියෙන්නේ.ඒ  වගේම අනිත් කාරණය තමා හොද package තිබ්බත් dialog වල package මිල අතින් වැඩි අගයක පැවතීම..ඒත් ඔබට හොද speed එකකින් file download කරගැනීමට dialog වලින් පුළුවන්.අනිත් network සියල්ලටම වඩා dialog සාමාන්‍යායෙන් speed වැඩි බවයි පොදු පිළිගැනීම.ඒක විටින් විට වෙනස් වෙන්නත් පුළුවන්. මේකේ තියන පෙර ගෙවීමේ  package(prepaid packages) ගැන කිව්වොත් පහල  photo එකෙන් බලාගන්න පුළුවන්.(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)


වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.
dialog time bassed package නම් download වලට සුපිරි ඉතින්.ගොඩක්ම හොදRs.50 පැය 2කේ package එක තමා.මොකද එකේ speedcheck නැහැ .ඒවත් පහලින් බලන්න.direct download කරනවානම් අඩුම 3gb වත් බාන්න පුළුවන්. .(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)
     




dialog වල night time package  වගයකුත් තියනවා.ඒවා පහලින් බලන්න..(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)

මේකේ 3Gb දෙන්නේ 12midnight  ඉදන් 8am වෙනකන්.

 වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

Dialog postpaid packages  පහල රූප ටිකෙන් බලන්න..(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)



වැඩි විස්තර බලන්න මෙතනින් යන්න


තව දෙයක් කියන්න ඕනි,මේ postpaid package එකක් ගන්නවානම් එහෙම හොද customer service centre එකකට ගිහින් විස්තර හොදට හොයල ගන්න.customer  care කතා කරලා අහල නම් තීරණ ගන්න එපා.වෙලාවකට customer care කතා කරලා විස්තර අහගන්නවට වැඩ හොදයි..*%$#@@$%%.මේක හැම  network  එකේම අඩු පාඩුවක් තමා.පට්ට බොරු කියනවා අතේ පැලවෙන.එක හින්ද හොදට හොයල බලල මිසක් ගන්න එපා.අනික ලගදී බදුත් වැඩි වෙන කතාව තියනවා නේද?එහෙම උනොත් සැහෙන රිදෙයි ඕවල බිල් එද්දී.

2.Mobitel 

ඇත්තටම කිව්වොත් mobitel වලනම් අපට අවශ්‍ය වෙන package නැහැ.postpaid package විශාල ප්‍රමාණයක් data ලබාදෙන package තිබ්බත් ඒවායේ මිල ඉතා අදික වෙනවා. ඇත්තම කිව්වොත් සල්ලි ගොඩක් තියනවා වගෙනම් මොබිටෙල් පාවිච්චි කරන්න.data package ගැන විස්තර පහත link එකෙන් ගන්න.

මොබිටෙල් data packages click here 

3.Etisalat 

එටිසලට් prepaid ගත්තොත්නම් ඇත්තටම මොබිටෙල් වගේ තමා.එත් එටිසලට් වල හොද postpaid  package  කීපයක්ම තියනවා.හැබැයි මේ ගැන එටිසලාට් website එකෙන්වත් විස්තරයක් ගන්න බැහැ.මොකද මේ package ඔවුන් ලබා දෙන්නේ special promotion package විදියට.මන් දැන් මේ package ගැන කිව්වා ගමන් ගාල කදාගත්ත අර මොක්කුද වගේ මේ package ganna යන්න එපා.මොකද එටිසලට් internet වල තාමත් විශාල ගෙටලු කීපයක් දකින්න පුළුවන්.

1.අපට අවශ්‍ය වෙලාවට ඉතිරි data ප්‍රමාණයන් දැන ගැනීමට නොහැකි වීම.මසක් අරභන දින හා ඊට පසු දින කොහොමවත් data balance දැන ගැනීමට නොහැකි වීම.අඩුම තරමේ customercare කතා කරලවත් බැ.(post package එකක data balance නිතර බලා ගැනීම ඉතා අවශ්‍ය සාදකයක්.අපි එපැයි  බිල ගෙවන්නේ ආපුවහම)

2.විශාල ප්‍රමාණයේ file download කිරීමේදී අපිට නොදැනීම speed check වැටීම.ඒගොල්ලන්ගෙන් අහන්න යන්න එපා ඕක නැහැ කියල තමා කියන්නේ.

3.data තිබියදී addone package සක්‍රිය කළහොත් ඒ සදහා ප්‍රමුකතාවය ලැබීම.

4.හවස කාලයට ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලබා දීම.ගොඩක් ය ඉතින් ඉන්ටෙර්නෙට් connect වෙන්නෙත් රැටනේ.
                        මෙහෙම අවුල් කීපයක්ම මෙම package වල අඩංගු වෙනවා.මේ package ගැන විස්තර කිව්වාම හෙටම ගිහින් package එක ගන්න එපා කිව්වේ  මේවා special offer හින්ද, ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් අය සැහෙන ලාබයක් තියාගෙන මේවා විකුනනවා.ඒ අයට අහු වෙන්නත් එපා.ලගම තියන customercare  එකකින් ගත්තොත් ඔයාලට අඩුම තරමේ Rs.500 කවත් ලාබයක් තියෙනව.මේකෙන් මන් කිව්වේ නැහැ  මේකක් ගන්න කියල හරිද?කියපු ගමන් ගන්න එපා ඔන්න ආයෙත් කිව්වා.අනික මිට වඩා download  වලට පට්ට package තියනවා.ඉවසල ඉන්න.ඔක්කොම හේතුත් එක්ක කියනම්.ලාබෙත් එක්කම.  පහතින් මෙච්චර වෙලා කියපු package ටික ගැන බලන්න.මේවා postpaid හොදද?මාසේ අන්තිමට ගෙදරට බිලක් ඔය එපා කිව්වත් එනවා.හි හී...

Etisalat  20GB - 550 Rental Data Package Sims
Monthly 20GB Data FREE 
Monthly Rental 550/= 
8 A.m - 6 P.m - 15GB FREE
6 P.m - 12      -  01GB FREE
12      -  8 A.m  - 04GB FREE

මාසෙට බද්දත් එක්ක Rs.625 විතර  එනවා.යටින් දාල තියන package  දෙකත් postpaid ම තමා.ඒවායේ data අඩුයි. 

9 GB - Monthly 500/=
MONTHLY 9GB FREE 
DAY TIME-6GB 
NIGHT TIME-3GB

5.5 GB - Monthly 300/=
MONTHLY 5.5GB FREE 
DAY TIME-3.5GB 
NIGHT TIME-2GB

එහෙනම් අදට ගිහින් එන්නම.ලිපියත් ගොඩක් දිග උනා.ඉදිරි ලිපියෙන් හොදම ටික ඔයාලට දෙන්නම්.බඩ පිරෙන්නේ data.හි හී...  

Tuesday, October 4, 2016

Utorrent Plus(Ads Free) Download කරගන්න..

Torrent බාන්න කලින් හොදම බාන්ඩයක් දෙන්නයි මන් අද හදන්නේ.මේක ඔයාලා පාවිච්චි කරන utorrent මෘදුකාංගයේ ඇඩ්ස් පෙන්නන් නැති version එක.අ වගේම නොමිලේ දෙන utorrent මෘදුකාංගයට වැඩ මෙහි වැදගත් අංගත් ඇතුලත් වෙලා තියනවා.
                                       
                             
     

මේක ඉතින් ඔයා client  ගෙන් සල්ලි දීල ගන්නව නම්  සෑහෙන ගානක් දෙන්න වෙනවා.ඉතින් කැමති නම්  මේකෙන් download  කරගන්න.මේක torrent file එකක්.ඒක නිසා දැනට ඔයාගේ pc එකේ utorrent නැත්නම් direct download කරන්න පුළුවන් site  එකකට මේ file එක upload කරලා එකෙන් download  කරගන්න.ඒ  නැත්නම් කලින් පොස්ට් එක පොඩ්ඩක් කියෝලා බලන්න.


මෙතනින් යන්න.(1st  post )


utorrent plus torrent file එක මෙතනින් බාගන්න.

Click Here to Download Utorrent Plus

Note: මෙය install කරගැනීමට ප්‍රථමයෙන් Readme ගොනුව කියවන්න.ගැටළු ඇතොත් comment කරන්න..

Monday, October 3, 2016

Torrent ගැන කෙටියෙන්

කෙටියෙන්ම කිව්වොත් torrent කියන්නේ අපිට විශාල මුදලක් ගෙවල ගන්න වෙන softwares,pdf  books ,අලුත්ම films වෙනි දේවල් නොමිලේම ලබාදෙන,ලෝකේ ඉන්නා වූ වැඩ්ඩන් විසින් පාවත්වාගෙන යන සේවාවක්.ලොකූ ලොකු අර්ථ දැක්වීම් ඕනි නැහැ.අනික Torreent ගැන නොදන්නා කවුරුත්  ඉන්නවා  කියන්නත් අමාරුයිනේ.මෙහිදී අපී torrent client කෙනෙකු හරහා මෙම සේවාව ලබාගත යුතු අතර,දැනට ලොකයේ ප්‍රදාන clients කීපයක් පවතිනවා.එමගින් ලාබාදෙන්න මෘදුකාංගය අප පරිගණකයේ ස්ථාපිත කරගනු අවශ්‍ය වෙනවා.ප්‍රදාන clients කිහිපයක links පහත  දක්වල තියනවා මන්.මම නම් ගොඩක්ම use කරන්නේ utorrent තම.ඔයාලට කැමති  client  කෙනෙක් යොදා ගන්න.

ඉහත මෘදුකාංගයන්ගෙන් අවශ්‍ය එක install කරගත් පසු අපිට torrent search engine එකක් භාවිතයෙන් අපට අවශ්‍ය file එකට අදාල  torrent file එක download කරගත යුතු වන අතර මේ සදහා පහත torrent  sites ඔබට යොදා ගැනීමට හැකියාව තියනවා.



3.pirates 

ඉහත වෙබ් අඩවි මගින් අදාළ file එක dowload ක‍ර utorrent හෝ bittorrent මෘදුකාංගය තුලින් open කර ගැනීමෙන් file එක full  download කරගැනීමට  ඔබට පුළුවන්.
                                               
Torrent Direct Download 

මේක තාම හොදම හරිය.ගොඩක් අය දන්නව කියාල  උන්නත් වැඩිය නොදන්න එක.මෙහිදී torrent client කෙනෙකු අප පරිගණකයේ ඉස්තාපිත කල යුතු නැති අතර පලමුව torrent  site  එකකට ගොස් ඔබට අවශ්‍ය file  එක download කර පහත ක්‍රියා පිළිවෙල කල යුතු වේ.

1.පළමුව පහත එක් අඩවියකට හෝ සියල්ලටම ගොස් ඔබේ account  සාදා ගන්න.මේ සදහා ඔබේ personal email account එක නොව අලුතින් සාදා ගත් email account එකක් යොදා ගන්න.ඒක කෝකටත් හොදයි.

      1)Seedr (මේ site එක free 2GB space එකක් දෙනව.)

      2)bytebx (මේ site එකත් free 2GB space එකක් දෙනව.)
      3)zbigz  (මේ site එක free 1GB space එකක් දෙනව.)

      4)bitport  (මේ site එකත් free 1GB space එකක් දෙනව.)

නමුත් ඔබට කිසි විටෙක 3Gb වැනි විශාල ගොනුවක් direct free download කල නොහැකි අතර ඒ සදහා ඉහත වෙබ් අඩවි වලින් ඔබ  premium සාමාජිකත්වය පැතිය යුතු වනවා.ඒ සදහා යම් මුදලක් අය වෙනවා ඉතින්.ඊට වඩා හොදයි client ගෙන් බානවා නේද? එල එල අදට ලිපිය අහවර කරන්නම් එහෙනම්.අයෙත් දවසක වටිනා ලිපියකින් හමුවෙමු.

(අප මෙම අඩවියෙන් ඉදිරියේදී හොදම ෆිල්ම් torrent file,අලුත්ම software torrent ආදියෙහි හොදම file ඔබට ලබාදීමට කටයුතු කරන අතර එමගින් ඔබේ data වලට මෙන්ම ඔබේ වටිනා කාලයටද  වැඩිම වටිනාකම ලැබෙනු ඇතැයි සිතමු.එබැවින් අප සමග දිගටම රැදී සිටින්න.)