මන් කියන්න ඕනි නැහැනේ,ලංකාව තුල සන්නිවේදන ජාල කියක් තියනවද කියලා.ගණන් කරලා බලන්න.මටත් හරියට sure නැහැ.ඒ එක එකෙහි download කරන්න වාසි දායක package ගැන තමා මේ පොස්ට් එකෙන් මන් කියන්නේ.නැතුව ඔක්කොම data package ගැන කියන්න බලාපොරොත්තුවක් නැහැ.හරි එහෙනම් ලංකාවේ අංක එක කියන network එකේ package වලින් පටන් ගමුකො .
1.Dialog
මේකෙ ලොකු file බාන්න හොද package නම් හරි අඩුවෙන් තමා තියෙන්නේ.ඒ වගේම අනිත් කාරණය තමා හොද package තිබ්බත් dialog වල package මිල අතින් වැඩි අගයක පැවතීම..ඒත් ඔබට හොද speed එකකින් file download කරගැනීමට dialog වලින් පුළුවන්.අනිත් network සියල්ලටම වඩා dialog සාමාන්යායෙන් speed වැඩි බවයි පොදු පිළිගැනීම.ඒක විටින් විට වෙනස් වෙන්නත් පුළුවන්. මේකේ තියන පෙර ගෙවීමේ package(prepaid packages) ගැන කිව්වොත් පහල photo එකෙන් බලාගන්න පුළුවන්.(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)
වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.
dialog time bassed package නම් download වලට සුපිරි ඉතින්.ගොඩක්ම හොදRs.50 පැය 2කේ package එක තමා.මොකද එකේ speedcheck නැහැ .ඒවත් පහලින් බලන්න.direct download කරනවානම් අඩුම 3gb වත් බාන්න පුළුවන්. .(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)
dialog වල night time package වගයකුත් තියනවා.ඒවා පහලින් බලන්න..(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)
මේකේ 3Gb දෙන්නේ 12midnight ඉදන් 8am වෙනකන්.
වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.
Dialog postpaid packages පහල රූප ටිකෙන් බලන්න..(ලොකුවට බලන්න photo එක උඩ click කරන්න.)
වැඩි විස්තර බලන්න මෙතනින් යන්න
තව දෙයක් කියන්න ඕනි,මේ postpaid package එකක් ගන්නවානම් එහෙම හොද customer service centre එකකට ගිහින් විස්තර හොදට හොයල ගන්න.customer care කතා කරලා අහල නම් තීරණ ගන්න එපා.වෙලාවකට customer care කතා කරලා විස්තර අහගන්නවට වැඩ හොදයි..*%$#@@$%%.මේක හැම network එකේම අඩු පාඩුවක් තමා.පට්ට බොරු කියනවා අතේ පැලවෙන.එක හින්ද හොදට හොයල බලල මිසක් ගන්න එපා.අනික ලගදී බදුත් වැඩි වෙන කතාව තියනවා නේද?එහෙම උනොත් සැහෙන රිදෙයි ඕවල බිල් එද්දී.
2.Mobitel
ඇත්තටම කිව්වොත් mobitel වලනම් අපට අවශ්‍ය වෙන package නැහැ.postpaid package විශාල ප්‍රමාණයක් data ලබාදෙන package තිබ්බත් ඒවායේ මිල ඉතා අදික වෙනවා. ඇත්තම කිව්වොත් සල්ලි ගොඩක් තියනවා වගෙනම් මොබිටෙල් පාවිච්චි කරන්න.data package ගැන විස්තර පහත link එකෙන් ගන්න.
මොබිටෙල් data packages click here
3.Etisalat
එටිසලට් prepaid ගත්තොත්නම් ඇත්තටම මොබිටෙල් වගේ තමා.එත් එටිසලට් වල හොද postpaid package කීපයක්ම තියනවා.හැබැයි මේ ගැන එටිසලාට් website එකෙන්වත් විස්තරයක් ගන්න බැහැ.මොකද මේ package ඔවුන් ලබා දෙන්නේ special promotion package විදියට.මන් දැන් මේ package ගැන කිව්වා ගමන් ගාල කදාගත්ත අර මොක්කුද වගේ මේ package ganna යන්න එපා.මොකද එටිසලට් internet වල තාමත් විශාල ගෙටලු කීපයක් දකින්න පුළුවන්.
1.අපට අවශ්‍ය වෙලාවට ඉතිරි data ප්‍රමාණයන් දැන ගැනීමට නොහැකි වීම.මසක් අරභන දින හා ඊට පසු දින කොහොමවත් data balance දැන ගැනීමට නොහැකි වීම.අඩුම තරමේ customercare කතා කරලවත් බැ.(post package එකක data balance නිතර බලා ගැනීම ඉතා අවශ්‍ය සාදකයක්.අපි එපැයි බිල ගෙවන්නේ ආපුවහම)
2.විශාල ප්‍රමාණයේ file download කිරීමේදී අපිට නොදැනීම speed check වැටීම.ඒගොල්ලන්ගෙන් අහන්න යන්න එපා ඕක නැහැ කියල තමා කියන්නේ.
3.data තිබියදී addone package සක්‍රිය කළහොත් ඒ සදහා ප්‍රමුකතාවය ලැබීම.
4.හවස කාලයට ඉතා අඩු දත්ත ප්‍රමාණයක් ලබා දීම.ගොඩක් ය ඉතින් ඉන්ටෙර්නෙට් connect වෙන්නෙත් රැටනේ.
මෙහෙම අවුල් කීපයක්ම මෙම package වල අඩංගු වෙනවා.මේ package ගැන විස්තර කිව්වාම හෙටම ගිහින් package එක ගන්න එපා කිව්වේ මේවා special offer හින්ද, ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් අය සැහෙන ලාබයක් තියාගෙන මේවා විකුනනවා.ඒ අයට අහු වෙන්නත් එපා.ලගම තියන customercare එකකින් ගත්තොත් ඔයාලට අඩුම තරමේ Rs.500 කවත් ලාබයක් තියෙනව.මේකෙන් මන් කිව්වේ නැහැ මේකක් ගන්න කියල හරිද?කියපු ගමන් ගන්න එපා ඔන්න ආයෙත් කිව්වා.අනික මිට වඩා download වලට පට්ට package තියනවා.ඉවසල ඉන්න.ඔක්කොම හේතුත් එක්ක කියනම්.ලාබෙත් එක්කම. පහතින් මෙච්චර වෙලා කියපු package ටික ගැන බලන්න.මේවා postpaid හොදද?මාසේ අන්තිමට ගෙදරට බිලක් ඔය එපා කිව්වත් එනවා.හි හී...
Etisalat 20GB - 550 Rental Data Package Sims
Monthly 20GB Data FREE
Monthly Rental 550/=
8 A.m - 6 P.m - 15GB FREE
6 P.m - 12 - 01GB FREE
12 - 8 A.m - 04GB FREE
මාසෙට බද්දත් එක්ක Rs.625 විතර එනවා.යටින් දාල තියන package දෙකත් postpaid ම තමා.ඒවායේ data අඩුයි.
9 GB - Monthly 500/=
MONTHLY 9GB FREE
DAY TIME-6GB
NIGHT TIME-3GB
5.5 GB - Monthly 300/=
MONTHLY 5.5GB FREE
DAY TIME-3.5GB
NIGHT TIME-2GB
MONTHLY 9GB FREE
DAY TIME-6GB
NIGHT TIME-3GB
5.5 GB - Monthly 300/=
MONTHLY 5.5GB FREE
DAY TIME-3.5GB
NIGHT TIME-2GB
එහෙනම් අදට ගිහින් එන්නම.ලිපියත් ගොඩක් දිග උනා.ඉදිරි ලිපියෙන් හොදම ටික ඔයාලට දෙන්නම්.බඩ පිරෙන්නේ data.හි හී...







Betway Sportsbook in North Korea - No KYC
ReplyDeleteBetway Sportsbook in North Korea. Licensed in the Republic of Korea, Betway is a 제왕카지노 registered betting company in 1xbet the state of Rating: 4.9 메리트 카지노 쿠폰 · 10 votes · Price range: 20,000 USD