මේකට ඔය mobile network කාරයෝ නම් කියන්නේ 3rd party sites කියල.එත් ඇත්තම කතාවනම් mobile network මේ සදහා විශේෂ අනුග්‍රහය දැක්වීමයි.මෙය ශ්‍රීලංකාවේ පිළලයක් වෙමින් යන අතර ඉදිරියේදී මිටත් වඩා හොද අත්දැකීමක් වනු නොවනු මානයි.(ශ්‍රීලංකාවේ අන්තර්ජාල පාවිච්චි කරන්නන් හට ලියමි.කරුණාකර මෙය උපේක්ෂාවෙන් යුතුව මා ගැන වයිරයකින් තොරව කියවන්න.)
ඔබ සමහර විට දන්නවා ඇති moozok,gamesclub,hungama, videoclub(etisalat),coolclub(etisalat)(කරුණාකර මේවා අන්තර්ජාලයෙන් සොයා අඩවි වලට පිවිසීමෙන් වැළකෙන්න.එඉන් පවා active වීමේ සම්භාවිතාවයක් පවති .) යන හිගන site පිලිබදව.අද මේ ලිපියෙන් ඔබට කියන්න යන්නේ මේ හිගන්නන් ගෙන් ඔබේ මුදල් ආරක්ෂා කරගන්න ආකාරය පිලිබදවයි.
ලංකාව පොඩි රටක්නේ,අපි මුලින්ම බලමු මේ site වලට ලෝකයේ නිර්මාණය වී ඇති අප්‍රසාදය.තුන්වන ලෝකයේ රටවල තදින් ව්‍යාප්ත වන මේ මාෆියාව ඔබට විනාඩි දෙක තුනක් ගැන අන්තර්ජලයේ search කර තොරතුරු ලබාගත හැකියි.(Google search).අපි දැන් බලමු මේවා ඔබේ sim පතට හෝ ඔබේ ගිණුමට active වන්නේ කෙසේද කියල.
1.අන්තර්ජලයේ ඔබ සැරිසරන විට Advertisement එකක් Click වීමෙන්.
මෙය ඕනැම කෙනෙකුට විය හැකි අහබු සිදුවීමක් වන අතර දැන් site වල download button පවා ව්‍යාජව යොදා ad links මගින් replace කිරීම් සිදු කර ඇත.එමනිසා මෙමගින් ඉතා පහසුවෙන් ඔබට මෙම කාලකන්නි සේවාවන් active විය හැකියි.මෙහිදී විශේෂයෙන්ම නම් දැන් දැන් මෙම සේවාවන් 3rd party නොව mobile network විසින්ම තම domain නාමයෙන් ක්‍රියාත්මක විමයි.උදාහරණයක් ලෙස
මා මේ පිලිබදව පැහැදිලි කිරීමට විශේෂයෙන් Hutch,Etisalat mobile network බවිත කරන අතර නමුත් අනිත් කෙහෙල්මල් තුනටද පොදු වූ සත්‍ය කරුණක් බව වගකීමෙන් පැවසීමට බසුබට නොවෙමි.
දැන් මෙය මන් තවත් ඔබට පහදන්නම් .ඔබ අතින් වෙබ් පිටුවක අන්තර්ගත වූ ad එකක් click වුවා යැයි සිතන්න,මේ හොරුන් එම ad එකට පහත අකාරයෙන් ලින්කුවත් combined කර තිබුණහොත් කෙලින්ම සිදු වන්නේ වෙන කිසිවක් නොව ඔබ සේවාවට ඇතුලත් වූ බව හගවන කෙටි පණිවිඩයක් පැමිණ Rs 30,35,50, ආකාරයෙන් දෛනිකව මෙන්ම සති පතා ඔබේ ගිණුමෙන් මුදල් අය වීමයි. ඔබට අවිශ්වසනම් මෙම ලින්කුව click කර බලන්න. http://203.115.112.27/etisalatvc/ රුපියල් 35ක් ක්ෂණිකව අය වෙනු ඇත.
මේවට වැහි නැති හෙන ප්‍රර්ථනා කලාට වැඩක් නැත.අපට කලින් හෙනය වැදී අවසන්ය.විශේෂයෙන්ම මෙවැන්නක් postpaid package එකකට active වීම කෙතරම් භයානක දැයි මා කීමට අවශ්‍ය නොවේ.මක්නිසාදයත් ගොඩක් දෙනෙක් මාසේ අගට පැමිණෙන බිල ගෙවා දැමීම මිස වෙන විස්තර හොයන්නේ නැති වීමයි.ඔවුන් ඔබටත් හොර ඔබ පාවිච්චි නොකළ සේවාවන්ට දස දහස් ගණනින් ඔබේ පොකට්ටුවෙන් මුදල් ගසා කාගෙන් අවසන් වීමයි.දැන් බලමු මෙම මගුල්වලට ඔබ දැනටමත් අසු වී ඇත්දැයි කියල check කරගන්න ආකාරය කොහොමද කියල.
සතියේ වැඩ කරන දිනක (සෙනසුරාදා හෝ ඉරිදා හැර ) උදේ 10 සිට හවස 4 විතර කාලය ඇතුලත ඔබේ සැක සහිත අංකයෙන් පාරිබෝගික අංශයට අමතන්න.(උදේ 10 සිට හවස 4 විතර කාලය ඇතුලත කාලයේ ඇතුලත් කිවේ වෙන දෙකට නෙමෙයි හොද සේවයක් ලබාගන්න පුළුවන් වෙන හින්ද.නැත්නම් ඔකේ ඉන්න අපතයෝ ඔක්කොම ඉන්නේ රෑටනේ.බොරු ටිකක් අහගෙනම phone එක cut කරන්න පුළුවන් වෙයි.මොකද ලංකාවේ හැම ආයතනයකම වගේ පට්ට ගොබ්බයෝ තමා customercare එකේ ඉන්නේ.ඔබටත් වෙලාවක හිතිලා නැද්ද ,යකෝ මුන්ට වඩා මන් මේ ගැන දන්නවනේ කියල?නැත්තනම් තම පුදුමේ..එක ඉතින් මී රටේ වැරද්දක් ..ඒවා අපිට හදන්න බැහැ.එක නිසා උදේ වරුවේ ගන්න.)
අදාළ අංක පහතින් ලබාගන්න.
Dialog--1777
Mobitel --1717
එටිසලට්--1727
Hutch --0785785785
Aitel --555
අරගන කතා කරන dial එකෙන් අහන්න මේ සිම් එකට අදාලව වෙන මොන හරි අමතර service එකක් active වෙලා තියනවද කියල..එහෙම වෙලා තියනවනම් මිනිහ කියයි ඔව් හරි නැහැ හරි කියල.ඔව් නම් කියන්න ඔබට අනවශ්‍ය ටික ඉවත් කරගන්න ඕනේ කියල.පුලුවන්නම් ඒවා ඉවත් කරගන්න sms codes ටික ඉල්ලා ගන්න.එක තම හොදම දේ.එහෙම code නැහැ කිව්වොත් මිනිහට කියන්න එක මිනිහට ඉවත් කරන්න කියල. එහෙම කෙරුවොත් මතක් කරලා reference number එකක් ඉල්ලා ගන්න.නැත්නම් එක එක පොරවල් ඕව අයින් කරන්න නැහැ .නිකන් බොරුවට කියනවා තව ටිකකින් ඉවත් වේවි කියල.ඔය පට්ට බොරු වලට කැමතිනම් අහු වෙන්න.අනිත් එක උන් ඔයාගේ call එක record කරනවා කියල දන්නවනේ,ඔයත් ඒ වගේ record කරගන්න.එක කෝකටත් හොදයි.අවුලක් උනොත් පොරි ගැලවෙන්න දුන්නැහැකි..එහෙම කරලා කොහොම හරි ඔය මගුල් active වෙලා තියනවනම් deactivate කරගන්න.ඔයාට අනිවාර්යෙන් ඒකෙන් අයින් උනා කියල msg එකක් ඒවි අයින් උනහම..
ඔයා දන්නවනම් අදාළ deactivate code එක අදාළ number එකට send කරලත් මේවයින් අයින් වෙන්න පුළුවන්.(hutch වල internet package ටිකක් ලාබ නිසා අමතර ආදායමක් ගන්න මෙයාල මේක ගොඩක් use කරනවා කියල අමතක කරන්න එපා.මේවා active නොවුන hutch internet පාවිච්චි කරන උන් හොයාගන්නත් අමාරුයි.)
දැන් බලමු අපි මේ විකාර වලට අන්තර්ජාලයෙන් අහු වෙන් නැතුව ඉන්නේ කොහොමද කියල..
1.ක්‍රමය
ඔබ අන්තර්ජාල බාවිතා කරන browser ට Adblock Addone එකක් ස්ථාපිත කර ගැනීම.
මෙම ලින්කුවෙන් අදාළ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ඔබගේ browser එකට අදාළ adblock addone එක ක්‍රියාත්මක කරගත හැකියි.
Click Here to get the Addone
2.ක්‍රමය
ඔබගේ Ip address එක hide කරගෙන අන්තර්ජාලයට පිවිසීම.මේ සදහා ඔබට හොද Ip hidding software එකක් බාවිත කරගත හැකියි.විශේෂයේනම් මෙම අද ගැන ඔබ torrent file download කිරීමේදී සැලකිලිමත් වන්න.මොකද torrent sites යනු ad ගුහා වීමයි.නමුත් ඉහත addone එක ක්‍රියාත්මක කිරීමෙන් ad මෙන්ම popup windows ද නැති වී යයි.රටවල් කීපයක ip ලබාගත හැකි,මුදලක් ගෙවා ලබාගත් යුතු Ip hidding software එකක් ඉදිරියේදී මෙම අඩවිය මගින් ඔබට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වෙමි.
ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් උඩින් පැහැදිලි කරපු මාෆියාවෙන් ගැලවෙන්න.ඔබටත් මෙවැනි සිදු වීම් ඉදිරියේදී වලක්වා ගැනීමට මේ ලිපිය උපකාරි වුවයැයි සිතමි.වැදගත් හෝ නොතේරෙන දෙයක් වෙතොත් අපේ email එකෙන් විමසන්න අමතක කරන්න එපා.
Email--Namaldw@gmail.com

එල පෝස්ට් එකක් සහෝ!
ReplyDelete